තාක්ෂණය නම් මායා දැලක එතුණු නූතන
සමාජයේ අලුත්ම රැල්ල වන්නේ සෙල්ෆි ගැසීමය.ඒ මේ අතට ඇඹරි ඇඹරී,කැරකි කැරකී,කට උල් කරමින් දිව දික් කරමින් ඇස්
කරකවමින් කළ සෙල්ෆි ගැහිල්ල මීට ටික කළකට පෙර ඇබ්බැහියක් වෙලා තිබූ දෙයක්.ඊයේ
පෙරේදා වෙද්දි එය වසංගතයක් වුණා.අද වන විට සෙල්ෆිය බොහෝ දෙනෙකුගේ මාරයා බවට
පත්වෙලා.කෑවත් සෙල්ෆි,බිව්වත් සෙල්ෆි,ඇදුමක් ඇන්දත් සෙල්ෆි,අතිශය පෞද්ගලික කාරණා වලදීත් සෙල්ෆි.ඒ මදිවට මළමිනී එක්කත් සෙල්ෆි.
සෙල්ෆියක් නොගත් සහ සෙල්ෆියකට පෙනී නොසිටි පුද්ගලයෙකු සොයාගැනීම නොමළ ගෙදරකින් අබ
මිටක් සොයා ගන්නවාටත් වඩා අසීරු කාර්යයක්.රටක ජනාධිපතිගේ පටන් සෑම කෙනෙකුම සෙල්ෆි
ඡායාරූප ගැනීමට ඉමහත් කැමැත්තක් දක්වනවා.නමුත් අද වන විට ලෝකයට සෙල්ෆි වසංගතයක්
බවට පත් වී තිබෙනවා.ඩෙංගු වසංගතයෙන් මිය යනවාට වඩා සෙල්ෆි ගැනීමට ගොස් පුද්ගලයන්
මියයන සංඛ්‍යාව අද ඉහළය .
සෙල්ෆි ගැනීමට ගොස් ජිවීතයෙන් වන්දි
ගෙවීමට සිදු වූ අවස්ථා ලෝකයේ සුලබව වාර්තා වේ.සෙල්ෆි උන්මාදය වර්තමානය වන විට
දරුණුවටම පැතිර ගොස් තිබේ.ස්මාට් ජංගම දුරකථන ජනතාව අතර ප්‍රචලිත වීමත් සමඟ ජංගම
දුරකථනයේ ඉදිරිපස කැමරාවෙන් ගනු ලබන මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි වලට ඇතුළත් කර
වින්දනයක් ලැබීමට බොහෝ දෙනා කැමත්තක්
දක්වති.අද වන විට සමාජ ජාල වෙබ් අඩවිවල ඇති ඡායාරූප වලින් සියයට අනූවක්ම සෙල්ෆි ඡායාරූප
බව නවතම සමීක්ෂණ වලින් හෙළි වී තිබේ.
ඇතැම් අවස්ථාවන්හිදී සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙසද වෛද්‍යවරු පවසනු
ලබයි.
ජීවිතයේ සෑම අවස්ථාවක්ම අද වන විට
සෙල්ෆියට නිරාවරණය වී තිබේ.මගුලක් ද අවමගුලක් ද කියා අදාල වන්නේ නැත.ඇතැම් තරුණ
තරුණියෝ සුපිරි හෝටලයක වැසිකිළියකට ගියත් සෙල්ෆියක් ගැනීමට අමතක නොකරති. සෙල්ෆි
ගෙන සමාජ ජාල වෙබ් අඩවි වල පල කිරීම අද බාල, මහලු, තරුණ ,වැඩිහිටි පිරිස් අතර ජනප්‍රිය කලාවක් බවට පත්
වී හමාරය.
සෙල්ෆි ඡායාරූප පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර
දේශපාලනය තුළ ආන්දෝලනයක් ඇති වූයේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන්
මැන්ඩෙලාගේ අවමඟුල් උත්සවයේදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් හා
ඩෙන්මාර්කයේ අගමැතිවරිය සමඟ ගත් සෙල්ෆි ඡායාරූපයයි.විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත් එම
ඡායාරූපය පිළිබඳ ලෝකයේ විවේචනයට ලක්විය.
ඇමරිකාවේ පමණක් නොව ලංකාවේද අවමඟුල්
උත්සවවලදී සෙල්ෆි ගැනීම් පිළිබඳව වාර්තා විය.සිය පියාගේ මවගේ අවමඟුලේදී මෘත දේහය
සමගින් සෙල්ෆි ගන්නා දූ පුතුන් අප දැක තිfබි.එමඟින් ලංකාව ලෝක වාර්තාවක්ද තැබීය.එනම් ලෝකයේ නරකම සෙල්ෆි 10 අතරට ලංකාවේ සෙල්ෆියක්ද ඇතුළත්
වීමයි.තරුණියක් තම මවගේ මෘත දේහය අසල සිට ගත් සෙල්ෆිය ලෝකයේ නරකම සෙල්ෆි දහයට අදත්
ඇතුළත් වෙයි.මේ නිසා රැල්ලට හසු වූ ජිවිත වල මනුෂ්‍යත්වයට ඔබින හර පද්ධතීන් සෙවීම
නිශ්ඵල කරුණක් බවට පත්ව ඇත.
වැදිනායක වන්නිල ඇත්තන්ගේ නිවසේද “වන්නිල ඇත්තො සමඟ සෙල්ෆි ගැනීම තහනම්ය”යනුවෙන් දැන්වීමක් පලකර ඇත.ආදිවාසීන්ද
සෙල්ෆිවල ආදීනව හොදින් හඳුනා ගෙන සිටී.
සෙල්ෆි ඡායාරූප කාලයෙන් කාලයට විවිධ
මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙයි.ජර්මානු යුවලක් දික්කසාද වී දික්කසාදය ලැබුණු
සතුටට ගන්නා ලද සෙල්ෆියක්ද පසුගිය කාලයේ කතාබහට ලක් විය.නිරුවතින් ගනු ලබන සෙල්ෆිද
විටින් විට සමාජ ජාලා කළඹවයි. පුද්ගලයන්ගේ පෞද්ගලික ජිවිතයම සෙල්ෆි වලට භාර දී ඇති
අයුරු දැකගත හැකිය.
අවදානම් ස්ථාන වල සිට ගනු ලබන
සෙල්ෆිවලට වැඩි වටිනාකමක් හිමිවන බව ඇතමුන්ගේ මතයයි.ගංඟා, මුහුද, උස් ස්ථාන, දුම්රිය මාර්ග වල සෙල්ෆි ගැනීමට යන්නවුන් තම ජීවිතය මතක සටහනක් කරගනු
ලබන්නේ එනිසාය.
බොහෝ රටවල සත්වෝද්‍යානවලදී නරඹන්නන්
සතුන්ට බිලිවීම නිසා සෙල්ෆි ගැනීම තහනම් කර තිබේ.කෙසේ නමුත් අද වන විට සෙල්ෆි
ගැනීම මරු කැඳවන්නකි.ඉන්දියාවේ හදුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ගැනීම තහනම් කර ඇත.සමීක්ෂණ වාර්තා
අනුව 2014 සිට 2016 දක්වා සෙල්ෆි ගැනීමට ගොස් සිදු වූ මරණ සංඛ්‍යාව
727ක් ලෙස ලොව පුරා වාර්තා වූ අතර ඉන් 76 ක් ඉන්දියාවෙනි.
ඒ කෙසේ හෝ හුදු විනෝදාංශයක් වශයෙන් වුව
සෙල්ෆියක් ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ අවධානය එක් නිමේෂයක් තුළ හෝ බාහිර පරිසරයෙන්
මුළුමනින්ම අත්මිදෙන බැවින් එය ජීවිත අවධානමකට හේතුවන බව සිහි තබා ගත
යුතුය.මක්නිසාද ලෝකයේ විනෝදාංශ මුල්කොටගත් අකල් මරණ අතරින් සෙල්ෆි මරණ ලොව ශීඝ්‍රයෙන්
ඉහළ ගොස් ඇති බැවිනි.අවසානයෙදී වටහා ගන්න දුරකථන ඡායාරූපය නොව ස්මාර්ට් විය යුත්තේ
ඔබයි. සෙල්ෆි ගැනීම වරදක් නැත.නමුත් සෙල්ෆි වෙනුවෙන් තම ජීවිතය, ආත්මගරුත්වය පූජා කිරීම අනවශ්‍යය.
No comments:
Post a Comment