21වන සියවසේ සිටින අප විද්‍යාව හා තාක්ෂණයෙන් ලෝකයේ නිම්වළලු පුළුල් කළ
ද තවමත් විසඳාගත නොහැකි ඇතැම් සිද්ධීන් අබිරහස් ලෙසින්ම අප අතර පවතිනවා.විටෙක මෙම
සිද්ධීන් විද්‍යාත්මක ලෙසින් ගලපන්නට වෑයම් කරනවා.ඇතැම් සිද්ධීන් විද්‍යාත්මක
හේතුන් හමුවේ සනාථ වනු ලබන අවස්ථා ඇත. ඇතැම් සිද්ධීන් සහේතුක ලෙසින් සනාථ කිරීමට
නොහැකිවනු ඇත.මෙලෙස විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවය ඔස්සේ සනාථ කර ගැනීමට අපහසු
සිද්ධීන් මිථ්‍යාවන් එසේත් නැතිනම් නොවිසඳුන අබිරහස් ලෙසින් අප අතර පවති.
බර්මියුඩා ත්‍රිකෝණය ද එවැනි අබිරහස් වලින් වැසී ගිය
කලාපයකි.බර්මියුඩාව ලෙසින් හදුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ බර්මියුඩාව,ඇමරිකාවේ ෆ්ලොරිඩාව සහ බ්‍රසීලයේ පෝටරිකාව ඇතුළත් ත්‍රිකෝණාකාර බිම්
කොටසකි.මෙම ප්‍රදේශය කිලෝමීටර් මිලියන 1.2ක් විශාලත්වයකින්ද යුක්තය.තවත් අදහසකට අනුව බර්මියුඩා ත්‍රිකෝණය
යනුවෙන් අදහස් කරන්නේ ෆ්ලොරීඩා සමුද්‍ර සන්ධිය,බහමා
දූපත්, නැගෙනහිර අත්ලාන්තික් සිට ඇසෝර් දක්වා ප්‍රදේශය ආවරණය වන කලාපයයි.
මෙම කලාපයේ 1945 වර්ෂයේ සිට අතුරුදන්
වී ඇති නැව් සංඛ්‍යාව 250 ක්ද ,ගුවන්යානා සංඛ්‍යාව 300ක්ද, මිනිස් ජීවිත සංඛ්‍යාව 1000ක් පමණ වේ.ඉතාම අබිරහස් ලෙස සිදුවන මෙම අතුරුදන් වීම් නිසාම මෙම
කලාපය යක්ෂයාගේ ත්‍රිකෝණය, යක්ෂයාගේ මුහුද ලෙසින්
ද හඳුන්වයි.මෙම කලාපයෙහි වූ අසාමාන්‍ය චුම්භක විෂමතාවය නිසා මේ අන්දමට දිශාව
පිළිබඳ කරන අවුල් සහගත බව ගුවන්යානාවන්ගේ අනතුරට හේතුවන බව මේ ගැන අධ්‍යයනයෙහි
යෙදෙන ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වුවද ඊට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරන්නන් සඳහන්
කරනුයේ එසේ නම් මෙම කලාපයට ප්රවේශවන සෑම ගුවන් යානාවකටම එම සංසිද්ධිය අදාළ විය
යුතු බවයි.විටින් විට සිදුවන මෙම අතුරුදන් වීම් වලින් පසු ඒවායේ අවශේෂයන්
හඳුනාගැනීමට හැකි විය යුතුය.නමුත් මෙසේ අතුරුදන් වූ එකදු ගුවන්යානාවකවත්
නශ්ටාවශේෂයන් තවමත් හඳුනාගැනීමට කිසිවෙකුත් සමත් වී නැත.එම නිසාම මෙම කලාපය පිළිබඳව
අත්භූතභාවයක් ඉස්මතුව ඇත.
බර්මියුඩා ත්‍රිකෝණයේදී සිදු වුනු මුල්ම අබිරහස් අතුරුදන් වීම 1945 දෙසැම්බර් 18 වන දින ඇමරිකාවට අයත්
ඔගඵගඊ යානා 8ක්
එක්වරම අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ වෙයි.මේ අනතුරෙන් පසුව ඒ පිළිබඳව සොයන්නට
චාල්ස් ටේලර් සමඟ ත්ගඔ 87 යානාව පිටත් කරන
ලදි.මෙම යානයද එක් වරම අතුරුදන් වී ඇත.1963 අගෝස්තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ණගක් 135 යානයද බර්මියුඩා ත්‍රිකෝණයේදී අබිරහස් ලෙසින් අතුරුදන් විය.
ගුවන්යානා පමණක් නොව මේ කලාපයේ අතුරුදන් වුනු නෞකාවන්ගේ තත්වයද
එසේය.ඔයැ ප්රසබැ ිමකචයමර ුමැැබ නෞකාව මීටර් 800 ක් දිගැති වූ අතර එය
අතුරුදන් වූයේ සිය ගණනක සෙනඟද සමගය.ටොන් 10950 ක් බරින් යුක්ත ඹගී ක්හජකදබ
මගී ප්‍රවාහන නෞකාවද ඉතාම අනපේක්ෂිත ලෙසින් අතුරුදන් විය.
ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලෝරන්ස් ඬේවිඞ් කුෂ්ගේ අදහස වූයේ මෙම
කලාපය ආශ්‍රිතව වූ කාලගුණික සිද්ධීන් නිසා අනතුරු වලට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව
ඇති බවයි.නමුත් ඔහුගේ ගැලපීම තුළ වූයේ සාමාන්‍ය කාලගුණ සිද්ධීන් පමණක් නිසා මෙම
අදහස පිළිගැනීමට පර්යේෂකයන් එකඟ වූයේ නැත.තවත් අදහසකට අනුව පෙන්වා දෙන්නේ ශතවර්ෂ
ගණනාවකට පෙර ගිලී ගිය ඇට්ලාන්ට්ස් මහාද්විපගත ශිෂ්ටාචාරයේ අවශේෂ මෙම සිද්ධීන්ට
හේතු වන බවයි.මේ අතර පිටසක්වල ජීවීන් පෘථිවි වැසියන් ග්රහනයට පැමිණෙන දොරටුවක්
බර්මියුඩා ත්‍රිකෝණය තුළ පිහිටා ඇති බව මෙම සිද්ධිය අබිරහසක් ලෙස දක්නට කැමති
පිරිස් සඳහන් කරයි.
බර්මියුඩා ත්‍රිකෝණය අබිරහසක් නොවන තැනටද කරුණු දක්වන පර්යේෂකයන්ගේ
අදහස් මෙසේය.බර්මියුඩා ත්‍රිකෝණය වූ කලාපයේ චුම්බක විෂමතාවක් ඇත්නම් ඒ ගැන ගුවන් ගමන් කරන්නන් දැනුවත් කිරීම අවශ්‍ය බවයි.නමුත් මෙම කලාපයේ
ඇති ගැටලුව නොදන්නා අයෙක් බර්මියුඩා ත්‍රිකෝණයට ප්‍රවේශ වීමෙන් සිදුවන අනතුරු
අබිරහස් ලෙස සැලකීමට ඔවුන්ගේ අවසරය නොලැබෙන බව සඳහන් කරයි. නාවික ගමනාගමනයේදී
චුම්බක උතුර සහ භූගෝලීය උතුර නිවැරදිව හඳුනාගැනීම අවශ්‍ය වේ.නිවැරදිව හදුනාගත
නොහැකි වූ තැන නැවක් අනතුරට පත් වීම අබිරහසක් ලෙසට ගැලපීම සාධාරණ නොවන බවත්
ඔවුන්ගේ අදහස වී ඇත.
මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේදී නැව් සහ ගුවන්යානාවන්
අනතුරට පත් වීම විටෙක විද්‍යාත්මක ලෙසින්ද තවත් විටෙක අනෙකුත් සාධක අතරද දෝලනය
වෙමින් ලෝකයේ විස්තර කළ නොහැකි අබිරහස් ලැයිස්තුවට බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළත් කොට
ඇත.
No comments:
Post a Comment