Thursday, July 20, 2017

බර්මියුඩා හෙවත් යක්ෂයාගේ ත්‍රිකෝණය...



21වන සියවසේ සිටින අප විද්‍යාව හා තාක්ෂණයෙන් ලෝකයේ නිම්වළලු පුළුල් කළ ද තවමත් විසඳාගත නොහැකි ඇතැම් සිද්ධීන් අබිරහස් ලෙසින්ම අප අතර පවතිනවා.විටෙක මෙම සිද්ධීන් විද්‍යාත්මක ලෙසින් ගලපන්නට වෑයම් කරනවා.ඇතැම් සිද්ධීන් විද්‍යාත්මක හේතුන් හමුවේ සනාථ වනු ලබන අවස්ථා ඇත. ඇතැම් සිද්ධීන් සහේතුක ලෙසින් සනාථ කිරීමට නොහැකිවනු ඇත.මෙලෙස විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවය ඔස්සේ සනාථ කර ගැනීමට අපහසු සිද්ධීන් මිථ්‍යාවන් එසේත් නැතිනම් නොවිසඳුන අබිරහස් ලෙසින් අප අතර පවති.
බර්මියුඩා ත්‍රිකෝණය ද එවැනි අබිරහස් වලින් වැසී ගිය කලාපයකි.බර්මියුඩාව ලෙසින් හදුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ බර්මියුඩාව,ඇමරිකාවේ ෆ්ලොරිඩාව සහ බ්‍රසීලයේ පෝටරිකාව ඇතුළත් ත්‍රිකෝණාකාර බිම් කොටසකි.මෙම ප්‍රදේශය කිලෝමීටර් මිලියන 1.2ක් විශාලත්වයකින්ද යුක්තය.තවත් අදහසකට අනුව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් අදහස් කරන්නේ ෆ්ලොරීඩා සමුද්‍ර සන්ධිය,බහමා දූපත්නැගෙනහිර  අත්ලාන්තික් සිට ඇසෝර් දක්වා ප්‍රදේශය ආවරණය වන කලාපයයි.
මෙම කලාපයේ 1945 වර්ෂයේ සිට අතුරුදන් වී ඇති නැව් සංඛ්‍යාව 250 ක්ද ,ගුවන්යානා සංඛ්‍යාව 300ක්දමිනිස් ජීවිත සංඛ්‍යාව 1000ක් පමණ වේ.ඉතාම අබිරහස් ලෙස සිදුවන මෙම අතුරුදන් වීම් නිසාම මෙම කලාපය යක්ෂයාගේ ත්‍රිකෝණයයක්ෂයාගේ මුහුද ලෙසින් ද හඳුන්වයි.මෙම කලාපයෙහි වූ අසාමාන්‍ය චුම්භක විෂමතාවය නිසා  මේ අන්දමට දිශාව පිළිබඳ කරන අවුල් සහගත බව ගුවන්යානාවන්ගේ අනතුරට හේතුවන බව මේ ගැන අධ්‍යයනයෙහි යෙදෙන ඇතැම්  පර්යේෂකයන්ගේ අදහස වුවද ඊට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරන්නන් සඳහන් කරනුයේ එසේ නම් මෙම කලාපයට ප්‍රවේශවන සෑම ගුවන් යානාවකටම එම සංසිද්ධිය අදාළ විය යුතු බවයි.විටින් විට සිදුවන මෙම අතුරුදන් වීම් වලින් පසු ඒවායේ අවශේෂයන් හඳුනාගැනීමට හැකි විය යුතුය.නමුත් මෙසේ අතුරුදන් වූ එකදු ගුවන්යානාවකවත් නශ්ටාවශේෂයන් තවමත් හඳුනාගැනීමට කිසිවෙකුත් සමත් වී නැත.එම නිසාම මෙම කලාපය පිළිබඳව අත්භූතභාවයක් ඉස්මතුව ඇත.
බර්මියුඩා ත්‍රිකෝණයේදී සිදු වුනු මුල්ම අබිරහස් අතුරුදන් වීම 1945 දෙසැම්බර් 18 වන දින ඇමරිකාවට අයත් ඔගඵගඊ යානා 8ක් එක්වරම අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ වෙයි.මේ අනතුරෙන් පසුව ඒ පිළිබඳව සොයන්නට චාල්ස් ටේලර් සමඟ ත්‍ගඔ 87 යානාව පිටත් කරන ලදි.මෙම යානයද එක් වරම අතුරුදන් වී ඇත.1963 අගෝස්තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ණගක්‍ 135 යානයද බර්මියුඩා ත්‍රිකෝණයේදී අබිරහස් ලෙසින් අතුරුදන් විය.
ගුවන්යානා පමණක් නොව මේ කලාපයේ අතුරුදන් වුනු නෞකාවන්ගේ තත්වයද එසේය.ඔයැ ප්රසබැ ිමකචයමර ුමැැබ නෞකාව මීටර් 800 ක් දිගැති වූ අතර එය අතුරුදන් වූයේ සිය ගණනක සෙනඟද සමගය.ටොන් 10950 ක් බරින් යුක්ත ඹගී ක්‍හජකදබ මගී ප්‍රවාහන නෞකාවද ඉතාම අනපේක්ෂිත ලෙසින් අතුරුදන් විය.
ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලෝරන්ස් ඬේවිඞ් කුෂ්ගේ අදහස වූයේ මෙම කලාපය ආශ්‍රිතව වූ කාලගුණික සිද්ධීන් නිසා අනතුරු වලට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව ඇති බවයි.නමුත් ඔහුගේ ගැලපීම තුළ වූයේ සාමාන්‍ය කාලගුණ සිද්ධීන් පමණක් නිසා මෙම අදහස පිළිගැනීමට පර්යේෂකයන් එකඟ වූයේ නැත.තවත් අදහසකට අනුව පෙන්වා දෙන්නේ ශතවර්ෂ ගණනාවකට පෙර ගිලී ගිය ඇට්ලාන්ට්ස් මහාද්විපගත ශිෂ්ටාචාරයේ අවශේෂ මෙම සිද්ධීන්ට හේතු වන බවයි.මේ අතර පිටසක්වල ජීවීන් පෘථිවි වැසියන් ග්‍රහනයට පැමිණෙන දොරටුවක් බර්මියුඩා ත්‍රිකෝණය තුළ පිහිටා ඇති බව මෙම සිද්ධිය අබිරහසක් ලෙස දක්නට කැමති පිරිස් සඳහන් කරයි.
බර්මියුඩා ත්‍රිකෝණය අබිරහසක් නොවන තැනටද කරුණු දක්වන පර්යේෂකයන්ගේ අදහස් මෙසේය.බර්මියුඩා ත්‍රිකෝණය වූ කලාපයේ  චුම්බක විෂමතාවක් ඇත්නම් ඒ ගැන ගුවන් ගමන් කරන්නන්  දැනුවත් කිරීම අවශ්‍ය  බවයි.නමුත් මෙම කලාපයේ ඇති ගැටලුව නොදන්නා අයෙක් බර්මියුඩා ත්‍රිකෝණයට ප්‍රවේශ වීමෙන් සිදුවන අනතුරු අබිරහස් ලෙස සැලකීමට ඔවුන්ගේ අවසරය නොලැබෙන බව සඳහන් කරයි. නාවික ගමනාගමනයේදී චුම්බක උතුර සහ භූගෝලීය උතුර නිවැරදිව හඳුනාගැනීම අවශ්‍ය වේ.නිවැරදිව හදුනාගත නොහැකි වූ තැන නැවක් අනතුරට පත් වීම අබිරහසක් ලෙසට ගැලපීම සාධාරණ නොවන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේදී නැව් සහ ගුවන්යානාවන් අනතුරට පත් වීම විටෙක විද්‍යාත්මක ලෙසින්ද තවත් විටෙක අනෙකුත් සාධක අතරද දෝලනය වෙමින් ලෝකයේ විස්තර කළ නොහැකි අබිරහස් ලැයිස්තුවට බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළත් කොට ඇත.






සෙල්ෆි සහ ජීවිතය....






තාක්ෂණය නම් මායා දැලක එතුණු නූතන සමාජයේ අලුත්ම රැල්ල වන්නේ සෙල්ෆි ගැසීමය.ඒ මේ අතට ඇඹරි ඇඹරී,කැරකි කැරකී,කට උල් කරමින් දිව දික් කරමින් ඇස් කරකවමින් කළ සෙල්ෆි ගැහිල්ල මීට ටික කළකට පෙර ඇබ්බැහියක් වෙලා තිබූ දෙයක්.ඊයේ පෙරේදා වෙද්දි එය වසංගතයක් වුණා.අද වන විට සෙල්ෆිය බොහෝ දෙනෙකුගේ මාරයා බවට පත්වෙලා.කෑවත් සෙල්ෆි,බිව්වත්  සෙල්ෆි,ඇදුමක් ඇන්දත් සෙල්ෆි,අතිශය පෞද්ගලික කාරණා වලදීත් සෙල්ෆි.ඒ මදිවට මළමිනී එක්කත් සෙල්ෆි. සෙල්ෆියක් නොගත් සහ සෙල්ෆියකට පෙනී නොසිටි පුද්ගලයෙකු සොයාගැනීම නොමළ ගෙදරකින් අබ මිටක් සොයා ගන්නවාටත් වඩා අසීරු කාර්යයක්.රටක ජනාධිපතිගේ පටන් සෑම කෙනෙකුම සෙල්ෆි ඡායාරූප ගැනීමට ඉමහත් කැමැත්තක් දක්වනවා.නමුත් අද වන විට ලෝකයට සෙල්ෆි වසංගතයක් බවට පත් වී තිබෙනවා.ඩෙංගු වසංගතයෙන් මිය යනවාට වඩා සෙල්ෆි ගැනීමට ගොස් පුද්ගලයන් මියයන සංඛ්‍යාව අද ඉහළය .
සෙල්ෆි ගැනීමට ගොස් ජිවීතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා ලෝකයේ සුලබව වාර්තා වේ.සෙල්ෆි උන්මාදය වර්තමානය වන විට දරුණුවටම පැතිර ගොස් තිබේ.ස්මාට් ජංගම දුරකථන ජනතාව අතර ප්‍රචලිත වීමත් සමඟ ජංගම දුරකථනයේ ඉදිරිපස කැමරාවෙන් ගනු ලබන මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි වලට ඇතුළත් කර වින්දනයක් ලැබීමට  බොහෝ දෙනා කැමත්තක් දක්වති.අද වන විට සමාජ ජාල වෙබ් අඩවිවල ඇති ඡායාරූප වලින් සියයට අනූවක්ම සෙල්ෆි ඡායාරූප බව නවතම සමීක්ෂණ වලින් හෙළි වී තිබේ.  ඇතැම් අවස්ථාවන්හිදී සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙසද වෛද්‍යවරු පවසනු ලබයි.
ජීවිතයේ සෑම අවස්ථාවක්ම අද වන විට සෙල්ෆියට නිරාවරණය වී තිබේ.මගුලක් ද අවමගුලක් ද කියා අදාල වන්නේ නැත.ඇතැම් තරුණ තරුණියෝ සුපිරි හෝටලයක වැසිකිළියකට ගියත් සෙල්ෆියක් ගැනීමට අමතක නොකරති. සෙල්ෆි ගෙන සමාජ ජාල වෙබ් අඩවි වල පල කිරීම අද බාල, මහලු, තරුණ ,වැඩිහිටි පිරිස් අතර ජනප්‍රිය කලාවක් බවට පත් වී හමාරය.
සෙල්ෆි ඡායාරූප පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ආන්දෝලනයක් ඇති වූයේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල් උත්සවයේදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් හා ඩෙන්මාර්කයේ අගමැතිවරිය සමඟ ගත් සෙල්ෆි ඡායාරූපයයි.විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත් එම ඡායාරූපය පිළිබඳ ලෝකයේ විවේචනයට ලක්විය.
ඇමරිකාවේ පමණක් නොව ලංකාවේද අවමඟුල් උත්සවවලදී සෙල්ෆි ගැනීම් පිළිබඳව වාර්තා විය.සිය පියාගේ මවගේ අවමඟුලේදී මෘත දේහය සමගින් සෙල්ෆි ගන්නා දූ පුතුන් අප දැක තිfබි.එමඟින් ලංකාව ලෝක වාර්තාවක්ද තැබීය.එනම් ලෝකයේ නරකම සෙල්ෆි 10 අතරට ලංකාවේ සෙල්ෆියක්ද ඇතුළත් වීමයි.තරුණියක් තම මවගේ මෘත දේහය අසල සිට ගත් සෙල්ෆිය ලෝකයේ නරකම සෙල්ෆි දහයට අදත් ඇතුළත් වෙයි.මේ නිසා රැල්ලට හසු වූ ජිවිත වල මනුෂ්‍යත්වයට ඔබින හර පද්ධතීන් සෙවීම නිශ්ඵල කරුණක් බවට පත්ව ඇත.
වැදිනායක වන්නිල ඇත්තන්ගේ නිවසේද වන්නිල ඇත්තො සමඟ සෙල්ෆි ගැනීම තහනම්යයනුවෙන් දැන්වීමක් පලකර ඇත.ආදිවාසීන්ද සෙල්ෆිවල ආදීනව හොදින් හඳුනා ගෙන සිටී.
සෙල්ෆි ඡායාරූප කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙයි.ජර්මානු යුවලක් දික්කසාද වී දික්කසාදය ලැබුණු සතුටට ගන්නා ලද සෙල්ෆියක්ද පසුගිය කාලයේ කතාබහට ලක් විය.නිරුවතින් ගනු ලබන සෙල්ෆිද විටින් විට සමාජ ජාලා කළඹවයි. පුද්ගලයන්ගේ පෞද්ගලික ජිවිතයම සෙල්ෆි වලට භාර දී ඇති අයුරු දැකගත හැකිය.
අවදානම් ස්ථාන වල සිට ගනු ලබන සෙල්ෆිවලට වැඩි වටිනාකමක් හිමිවන බව ඇතමුන්ගේ මතයයි.ගංඟා, මුහුද, උස් ස්ථාන, දුම්රිය මාර්ග වල සෙල්ෆි ගැනීමට යන්නවුන් තම ජීවිතය මතක සටහනක් කරගනු ලබන්නේ එනිසාය.
බොහෝ රටවල සත්වෝද්‍යානවලදී නරඹන්නන් සතුන්ට බිලිවීම නිසා සෙල්ෆි ගැනීම තහනම් කර තිබේ.කෙසේ නමුත් අද වන විට සෙල්ෆි ගැනීම මරු කැඳවන්නකි.ඉන්දියාවේ හදුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ගැනීම තහනම් කර ඇත.සමීක්ෂණ වාර්තා අනුව 2014 සිට 2016 දක්වා සෙල්ෆි ගැනීමට ගොස් සිදු වූ මරණ සංඛ්‍යාව 727ක් ලෙස ලොව පුරා වාර්තා වූ අතර ඉන් 76 ක් ඉන්දියාවෙනි.

ඒ කෙසේ හෝ හුදු විනෝදාංශයක් වශයෙන් වුව සෙල්ෆියක් ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ අවධානය එක් නිමේෂයක් තුළ හෝ බාහිර පරිසරයෙන් මුළුමනින්ම අත්මිදෙන බැවින් එය ජීවිත අවධානමකට හේතුවන බව සිහි තබා ගත යුතුය.මක්නිසාද ලෝකයේ විනෝදාංශ මුල්කොටගත් අකල් මරණ අතරින් සෙල්ෆි මරණ ලොව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවිනි.අවසානයෙදී වටහා ගන්න දුරකථන ඡායාරූපය නොව ස්මාර්ට් විය යුත්තේ ඔබයි. සෙල්ෆි ගැනීම වරදක් නැත.නමුත් සෙල්ෆි වෙනුවෙන් තම ජීවිතය, ආත්මගරුත්වය පූජා කිරීම අනවශ්‍යය.