ගැරිසන්
සොහොන
|
දළදා මාලිගය අසල ඇති ජාතික කෞතුකාගාරය මායිම් කරමින් ඇති මාවත ඇදී
යන්නේ ගැරිසන් සුසාන භූමිය වෙතටයි. පර්චස් 130ක විශාලත්වයෙන් යුත් මේ බිම්කඩ
පළලින් අඩු දිගින් වැඩි බිම් තීරුවක් ලෙස පැතිර තිබෙනවා. කලක් වන වදුලින් වැසී පැවති මේ
බිම්කඩ 1998 දී චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සංරක්ෂණය කළා. වර්ෂ 2013 දී චාල්ස් කුමාරයා අප රටට පැමිණි
විටත් මෙම සොහොන් බිම නැරඹීමට ගියා. ගැරිසන් කියා කියන්නේ යුද්ධ සෙබළුන්ගේ
රැඳවුම් පොළටයි. ඉංග්‍රීසි කාලයේ මෙහි යුද්ධ සෙබළ රැඳවුම් ස්ථානයක් තිබෙන්නට ඇති.
මෙය පුරාවිද්‍යාත්මකවත් වටිනා ස්මාරකයක්.
අවුරුදු 133ක් අප රට පාලනය කළ ඉංග්‍රීසින්ගේ
අමිහිරි මතක සටහන් අපට ස්මරණය කරවන තැනක් තමයි ගැරිසන් සොහොන. මෙම සුසානයේ ඇත්තේ
ක්‍රිස්තියානි බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් පමණයි. මෙහි සැතපෙන බොහෝ
දෙනා අඩු වයසින් මියගිය අය බව සොහොන් කොත්වල සටහන් කියවන විට පේනවා. මෙය මුලින්ම
භාවිත කර ඇත්තේ 1817දී. අවසන් වරට
භූමදානය කර ඇත්තේ 1909දී. මහනුවර
මහයියාව සුසානය ආරම්භ කිරීමත් සමඟ මෙහි වැදගත්කම අඩුවෙලා ගිහින්. අදටත් මෙහි
සොහොන් කොත් කදිමට ආරක්ෂා වී තිබෙනවා. 1820-1870 අතර කාලෙ මිහිදන් උන
බ්‍රිතාන්‍ය ජාතිකයින් 190ත් 200ත් අතර දෙනෙක්ගෙ කතා
මෙතන වැලලිල තියෙනව.ඒ අතර කවුරුත් නිතර අහල තියෙන ජෝන් ඩොයිලි,ග්‍රෙගරි ආණ්ඩුකාරයගෙ බිරිඳ එලිසබත් වගෙම පුංචි
අතදරුවො පවා ඉන්නව.
කපිතාන් මැක්ග්ලෑෂන්ගේ සොහොන් ඵලකය
ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ්
මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව
වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ
බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන්
ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි
කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම
දුෂ්කරයි.විශේෂයෙන්ම ඝර්ම කලාපයෙ ඔරොත්තු නොදෙන ආර්ද්‍රතාවයි රස්නෙයි දරාගෙන වගුරු
දියකඩිති වදුලු මැදින් මේ එන ගමන කොහොමහරි නුවරට ඇවිත්ම තමයි ඉවර වෙන්නෙ.මෙ
සිදුවීම් සිද්ධ වෙන්නෙ නොවැම්බර් මාසෙ අග හරියෙදි. ඇවිත් ටික දවසකින් කපිතාන්
දරුණු උණකට ගොදුරු වෙනව.කොච්චර වීරය උනත් මේ උණට නං කපිතාන් තමන්ගෙ ජීවිතෙන්ම පරාද වෙනව.ඒ හරියටම දෙසැම්බර් 2වැනිද.
ඔයාල ඒ ඇහුවෙ යටත් විජිත කාලෙ අපේ රට පාලනය කරපු හුඟාක් බ්‍රිතාන්‍ය සෙබලු අත්විඳපු මරණයෙ එක් උදාහරණයක්.අපේ සෙබලුන්ගෙ කඩුවට වඩා සුදු ජීවිත බිලිගන්න සමත් උනා ඒ කාලෙ හිටපු මදුරුවො.මේ අපේ ඉතිහාසයෙම අපි බොහොම හැල හැප්පිලි,කැරලි කෝලාහල මැද ජීවත් උන කාලයක්.නමුත් ඉතිහාසය කියන කාරණාවෙදි අපිට අමිහිරි මතක එක් කලත් මේ සමය ලංකාවෙ අනාගතය වෙනස් කරන්න සමත් උනු තීරක කාල පරිච්ඡේදයක්.මම කියපු කතාවෙ කපිතාන්ගෙ සොහොන් ඵලකය තමා කතාව මුලදිම ඔබ දක්කෙ.මේක අපි නිතර දෙවේලෙ යන තැනක් ලඟ තිබ්බත් හුඟක් දෙනා මේක දැකල නැතුව ඇති.අපිට කපිතාන් මැක්ග්ලෑෂන් විතරක් නෙවෙයි මේ වගෙ කතා සියගණනක අයිතිකාරයො හම්බෙන්න පුලුවන් ගැරිසන් සුසානයෙදි.
ජෝන් ඩොයිලිගෙ සොහොන
|
.
ග්‍රෙගරි ආණ්ඩුකාර බිරිඳගෙ සොහොන
මෙතනට ගියාම අපිට
හම්බෙනව මෙතන භාරකාරය.ඔහු නමින් චාල්ස් කාමයිකල්.ඔහු මේ සුසානය බොහොම පිලිවෙලට
පවත්වගෙන යනව.මෙතනට යන ඕනෙම කෙනෙක්ට මෙහෙ තියෙන හැම ඵලකයකම හැංගිල තියෙන කතාව
බොහොම රසාලිප්තව ඉංග්‍රීසියෙන් කියල දෙන්න කාමයිකල් උන්නැහේ සමත්.ඉඳල හිටල ගැරිසන්
සොහොනට එන සංචාරකයන්ට අමතක නොවෙන කතාරසයක් දනවන්න,එක්
කරන්න පුලුවන් පුද්ගලයෙක් ඔහු.සොහොනට අමතරව ඒ ලඟම පොඩි කටුගෙයකුත් තියෙනව.කාලයක්
වල්බිහිවෙල තිබ්බ මේ තැන පහුගිය කාලෙක සිද්ධ උන චාල්ස් කුමාරයගෙ ලංකා ගමනට සමගාමීව
හෙලිපෙහෙලි කෙරිල තියෙනව.ඉතින් මම මීට වඩා මේ තැන ගැන කියන්න යන්නෙ නෑ මොකද ඊට වඩා
ලේසියි ඔයගොල්ලො හැමෝටම මාලිගාවට ආපු වෙලාවක පැය භාගයක් විතර වෙන් කරගෙන මෙතනට එන
එක.
+++++
ReplyDeletetnkx..
Delete